ඩිල්ෂාන්ගෙන් සුපිරි තුන් ඉරියව් දස්කම් – ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

තිලකරත්න ඩිල්ෂාන් තුන් ඉරියව්වෙන් දැක් වූ සුපිරි දක්ෂතා හේතුවෙන් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අභිබවා Road Safety World Series තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කර ගනිමින් මූලික වටයේ තමන්ට හිමි තරග අවසන් කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම (14) සමත් වුණා.

ඒ, එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 6ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඒ අනුව ශ්‍රී ලංකාව Road Safety World Series තරගාවලිය යටතේ මෙම වසරේ දී ක්‍රීඩා කළ සියලු තරග ජය ගැනීමට සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 78ක් ලබා ගත්තා.

Chris Tremlett ලකුණු 22ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී අගනා පන්දු යැවීමක නිරත වූ තිලකරත්න ඩිල්ෂාන් සිය පන්දුවාර 4 නිමා කළේ ලකුණු 6ක් පමණක් ලබා දී කඩුලු 4ක් දවා ගනිමින්.

Related posts

Leave a Comment