කොවිඩ් එන්නත් මිශ්‍ර කර භාවිතයට කැනඩාවේ අවසර

පළමු සහ දෙවැනි මාත්‍රා සඳහා කොවිඩ් එන්නත් මිශ්‍ර කර භාවිතයට කැනඩාවේ අනුමැතිය හිමිව තිබේ.

ස්පාඤ්ඤයේ සහ එක්සත් රාජධානියේ සිදු කළ පර්යේෂණ කිහිපයක් පදනම් කර ගනිමින් කැනඩා රජය එම අනුමැතිය ලබා දී තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ අනුව ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් හෝ මොඩර්නා එන්නත්කරණය පළමු හා දෙවැනි මාත්‍රාව වශයෙන් මිශ්‍ර කිරීමට අනුමැතිය ලබා දී තිබුණි.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ කැනඩාවේ යම්කිසි පුද්ගලයකුට කොවිඩ් මර්දන එන්නත්කරණය සඳහා ඇස්ට්‍රාසෙනෙකා භාවිත කළ ද, දෙවැනි මාත්‍රාව ලෙස මොඩර්නා හෝ ෆයිසර් එන්නත්කරණය කිරීමට හැකියාව පවතී.

Related posts

Leave a Comment