නිරෝධායන නීති කඩා නවගිරියාව වැව් ඉස්මත්තේ පාටි දාලා

නිරෝධායන නීති උල්ලංඝණය කරමින් විනෝද චාරිකාවක පැමිණ උහන බණ්ඩාරදූව නවගිරියාව වැව ඉස්මත්තේ වැව්සිරපුරදී සාදයක් පැවැත්වූ කාන්තාවන් පස්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව උහන පොලීසිය පවසයි.

උහන පොලීසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණ තොරතුරක් මත වැටලීම සිදු කර ඇත.

ඔවුන් ත්‍රීරෝද රථ දෙකකින් සහ යතුරුපැදි කීපයකින් පැමිණ සිට ඇති අතර පොලිසිය වැටලීම සිදු කරන අවස්ථාවේ ඔවුන් දිවා ආහාරය පිසීමට සූදානම් වෙමින් සිටි බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් පිරිසට අමතරව වයස අවුරුදු 08-10-සහ 12 වයස්වල ළමයින් දස දෙනෙකු ද එහි සිට ඇත.

අත් අඩංගුවට ගත් පිරිසගෙන් ප්‍රකාශ ලබාගෙන පොලිස් ඇප මත මුදා ඇර ඇති අතර ඉදිරියේ දී නිරෝධායන හා සංචරණ නීති උල්ලංඝනය කිරීමේ වරද යටතේ ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට පියවර ගන්නා බවත් පොලීසිය පවසයි

Related posts

Leave a Comment