රසායනික පොහොර තහනම සාගතයකට අත වැනීමක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සටින්නේ ආණ්ඩුව අදූරදර්ශි ලෙස රසායනික පොහොර තහනම් කිරීම මඟින් රට තුළ ආහාර හිඟයක් ඇති වීම සහ එය බිහිසුණු සාගතයක් දක්වා වර්ධනය වීම වැළැක්විය නොහැකි බවයි. කාබනික පොහොර භාවිතය වර්ධනය කිරීම සම්බන්ධයෙන් විපක්ෂයට කිසිදු විරෝධයක් නැති බවත්, එහෙත් ආණ්ඩුව විසින් හදිසියේ ගනු ලැබූ තීරණයෙන් මෙරට ජන ජීවිතවලට එල්ල වන මරු පහරෙහි තරම වැඩි කලක් යෑමට පෙර ආණ්ඩුවට අත්විඳීමට සිදු වනු ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි. කාබනික පොහොර ආනයනය කිරීම මඟින් මෙරට කසළ කන්දක් බවට පත් කිරීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් තිබේද යන්න බරපතළ ගැටලුවක් මතු වන බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි. ආණ්ඩුව සිය පටු අරමුණු පසෙකලා ජනතාව ජීවත් කිරීමට පියවර ගත යුතු බවත්, මෙවැනි අතාර්කික අමනෝඥ තීරණ හකුළා ගැනීමට වහා පියවර ගත යුතු බවත් ඔහු සිය නිවේදනය මඟින් කියා සිටී.

Related posts

Leave a Comment