සෑම අභියෝගයකදීම රජයක් වශයෙන් අපි ජනතාවත් සමගයි – අගමැති

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (07) පෙරවරුවේ නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා ඉදිවන අධිවේගී මාර්ගයේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් කියා සිටියේ වසංගත තත්ත්වය වේවා, ආපදා තත්ත්වය වේවා, මේ හැමදේකදිම ජනතාව සමඟ ඒ අභියෝගය භාරගන්න රජයක් විදියට අපි සූදානම් බවයි. සංචරණ සීමා පැනවීමේ දී මහජනතාවට විවිධ දුෂ්කරතා ඇතිවන බව දන්නා නමුත් සෑම ජීවිතයකම වටිනාකම තේරුම් ගනිමින් රජය ගෙන යන වැඩපිළිවෙලට සහය දෙන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙහි දී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.   නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුලුනු මත ඉදිවෙන කිලෝමීටර් 16.4ක අධිවේගී මාර්ගයේ හා ගැටඹේ, කොහුවල, කොම්පඤ්ඤවීදියේ විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත, බාලදක්ෂ මාවතා හා චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවත යන ස්ථානවල ඉදිවන නව ගුවන් පාලම් 6ක වැඩ ආරම්භ කිරීම අද සිදුවිය. අරලියගහ මන්දිරයේ සිට අදාළ ව්‍යාපෘතිවල ආරම්භය අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදුවිය.

Related posts

Leave a Comment