මෙල්බර්න් නුවරට අඟුළු දැමීමට හේතුව ශ්‍රී ලාංකිකයෙක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කොවිඩ් පොකුරක් නිර්මාණයවීමට හේතු වූ පළමු ආසාදිතයා ශ්‍රී ලාංකිකයෙකු බවට එරට සෞඛ්‍ය අංශ විසින් හදුනාගෙන තිබේ.

එම පුද්ගලයා මැයි මස 8 වැනිදා ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට සංචාරය කර ඇත.

40 හැවිරිදි මෙම පුද්ගලයා කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් මැයි 14 වැනිදා රෝහල් ගත කර ඇති අතර, අනතුරුව මැයි 23 වැනිදා රෝහලින් පිටව ගොස් තිබේ.

කොවිඩ් වෛරසය ව්‍යාප්තිය සාර්ථකව පාලනය කළ ඔස්ට්‍රේලියාවට මෙවර මෙල්බර්න් නුවර කොවිඩ් පොකුර දැඩි බලපෑමක් එල්ල කර තිබේ.

කොවිඩ් ව්‍යාප්තියත් සමග සති දෙකකට ආසන්න කාලයක් මෙල්බර්න් නුවර වසා දමා ඇත.

ඕස්ට්‍රේලියාවේ දෙවන විශාලතම නගරය වන මෙල්බර්න් නගරයේ මිලියන 5 කට පමණ බලපෑම් එල්ල වී තිබේ.

Related posts

Leave a Comment