වරාය නගරය පදනම් කර ගෙන ඩොලර් කෝටි 1,500ක විදේශ ආයෝජන ලබා ගන්නවා – අගමැති

නව වරාය නගරය පදනම් කරගෙන ඉදිරි වසර 05 ඇතුළත අප රටට අවම වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 15ක විදේශීය ආයෝජන ආකර්ශනය කරගැනීමට කටයුතු කරන බව ‘ශ්‍රී ලංකා ආයෝජන සංසදය – 2021’ දෙවන දින සමාරම්භක උත්සවය අමතමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (8) පැවැසීය. රටේ ජනතාව කොවිඩ් උවදුරෙන් ආරක්ෂා කර ගැනීමට දින 66ක් පුරා මුළු රටම වසා දැමීමට සිදුවූ බව පැවැසූ අගමැතිවරයා ඒ බලපෑමෙන් මුළු ලෝකයේ ම සිදුවූ ලෙස අපගේ ආර්ථිකය ද විශාල පසුබෑමකට ලක්වූ බව ද පැවසීය.

රටක් හැටියට මේ බැරෑරුම් තත්ත්වයට දිගින් දිගටම මුහුණදෙමින් රට නැවතත් කඩිසර වැඩබිමක් බවට පත්කර ගැනීමට දැන් අවශ්‍ය බවත්, නව පෝට් සිටි නගරය පදනම් කොට ගෙන ඊළඟ අවුරුදු 5 තුළ අප රට තුළට අවම වශයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 15ක පමණ ආයෝජන ලබා ගැනීමට කටයුතු කරමින් යන බවත් හෙතෙම කීවේය.

ඒ තුළින් කොරෝනා වසංගතය මධ්‍යයේ වුව ද අප රටේ හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කර ලීමට හැකි වෙතැයි තමා විශ්වාස කරන බව අගමැතිවරයා කියා සිටියේය.

Related posts

Leave a Comment