‘සංචරණ සීමා ඉවත් කරන්නේ සෞඛ්‍යාරක්ෂාව හොඳින්ම තහවුරු වුණොත් පමණයි’ – යුද හමුදාපති

සංචරණ සීමා ඉවත් කරන්නේ බරපතළ තත්ත්වයක් ඇති නොවන බව හොඳින්ම තහවුරු වුව හොත් පමණක් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

පවතින කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමඟ පැනවූ සංචරණ සීමා ලිහිල් කිරීම විශ්ලේෂණය කර විශේෂඥ කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔවුන් දෙන නිර්දේශ අනුව ඊට අදාළ තීන්දු ගන්නා බව හෙතෙම කීවේය.

දැනට දී ඇති නිර්දේශ අනුව සංචරණ සීමා ලිහිල් කිරීමට නියමිතව ඇත්තේ එළැඹෙන 14 දා බව ද යුද හමුදාපතිවරයා කියා සිටියේය.

Related posts

Leave a Comment