පෙරේදා වාහන 78,022ක් කොළඹට ඇවිත්

පෙරේදා (07) උදෑසන 6.30ත් 9.30ත් අතර කොළඹ නගරයට වාහන 78,022ක් ඇතුළු වී ඇති බව පොලිසිය විසින් කරන ලද සමීක්ෂණයකදී හෙළි වී තිබේ. එම කාලය තුළ වාහන 976ක් කිසිම හේතුවක් නැතිව කොළඹ නගරයට ඇතුළු වීමට උත්සාහ කර ඇති අතර ඒ වාහන පොලිසිය විසින් ආපසු හරවා යවා තිබේ. මෙම වාහනවලින් වාහන 20397ක් එනම් වැඩිම වාහන සංඛ්‍යාවක් කොළඹ නගරයට ඇතුළු වී ඇත්තේ මූල්‍ය සහ බැංකු ක්ෂේත්‍රයේ සේවකයන් රැගෙන යන වාහන බවට වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය. සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ වාහන 9,710ක්, ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සහ ආරක්ෂක අංශවලට අයත් වාහන 8,250ක් එම කාලපරිච්ඡේදය තුළ කොළඹ නගරයට ඇතුළු වී තිබේ.

Related posts

Leave a Comment