කොරෝනා වැලඳුණු දියණියෝ ආසාදිත පියා රෝහලට ගෙනයති

කොවිඩ් ආසාදිතව නිවෙසේ නිරෝධායනය වෙමින් සිටි දියණියන් දෙදෙනා විසින්ම රෝගාතුර වී සිටි සිය පියා රෝහලට රැගෙන යෑමේ පුවතක් මීගමුව නාගරික හදිසි මරණ පරීක්ෂණ කාර්යාලයෙන් වාර්තා වේ. සිය පියා හදිසියේ අසනීප වූ බව දියණියන් දෙදෙනා විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සහ අදාළ බලධාරීන් දැනුම්වත් කළ ද ඔවුන් කිසිවකුගේ සහාය නොලැබුණු බැවින් අසාධ්‍යව සිටි පියා මෙම දියණියන් දෙදෙනා විසින් රෝහල කරා රැගෙන ගොස් තිබේ. මෙම සිද්ධිය ඉකුත් 7 වැනිදා සිදු වී තිබු අතර, කොවිඩ් ආසාදිතව සිටි මෙම හැත්තෑ හය හැවිරිදි මෙම පුද්ගලයා මියගොස් තිබිණි. මේ සම්බන්ධයෙන් මීගමු රෝහලේ නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා විසින් මෙම මරණ පරීක්ෂණය සිදු කර තිබිණි.

Related posts

Leave a Comment