එක්ස්ප‍්‍රස් පර්ල් වසන් කළ රහස් සොයන්න විමර්ශන කණ්ඩායමක්!

නෞකාව සම්බන්ධව වැදගත් තොරතුරු වසන් වීම නිසා රහස් පොලිසිය නාවික හමුදාව වෙරළාරක්‍ෂක බළකාය සහ රස පරීක්‍ෂක කාර්යාලය යන ආයතනවල 14 කගෙන් යුත් විමර්ශන කණ්ඩායමක් රජය පත්කර ඇත.
 
 මේ වන විට හෙළිවී ඇති තොරතුරුවලට අනුව නැවේ තිබූ රසායන කාන්දුවීම මැයි 11 දා කපිතාන් ප‍්‍රධාන ඉංජිනේරු සහ 2 වැනි ඉංජිනේරුවරයා දැන සිටි බව සනාථ වී තිබේ.
 
 එහෙත් ඒ ගැන කොළඹ වරාය බලධාරීන්ට දන්වා නැති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
 
 මේ අතර නැවේ තිබූ කන්ටේනර් 1486 න් 81 ක් අනතුරුදායක බහාලූම් බව මුල්වරට හෙළිවී ඇත.
 
 මෙතෙක් හෙළි වූයේ එම නැවේ නයිට්රික් ඇසිට් රසායන ද්‍රව්‍ය පමණක් තිබූ බවයි.
 
 නැව තුළ ඉතා ඉක්මනින් ගිනි ගන්නා ඉන්ධන විශේෂයක්ද තිබුණු බව රජයේ ආරංචි මාර්ග හෙළි කළාය

Related posts

Leave a Comment