පහර දී තරුණයා මැරුවාට ලක්ෂ 3ක් වන්දි ගෙවන්න

අත්අඩංගුවේ සිටි 17 හැවිරිදි තරුණයකුට අමානුෂික ලෙස පහර දී මරණයට පත් කිරීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ තුනක වන්දි මුදලක් සහ රුපියල් හැට දහසක නඩු ගාස්තු එම තරුණයාගේ මවට ගෙවන ලෙස 2014 වසරේදී සිදු වූ එම සිද්ධියට සම්බන්ධ කන්දකැටිය පොලිසියේ නිලධාරීන් හය දෙනකුට නියම කර තිබේ. එසේම එම තරුණයා සමඟ අත්අඩංගුවට පත් වී පොලිසියේ හිරිහැරයට ලක් වූ ඔහුගේ වැඩිමහල් සහෝදරයා ඇතුළු ඥාතීන් පිරිසකට රුපියල් දෙලක්ෂ හතළිස් දහසක වන්දි මුදලක් ගෙවන ලෙස ද එම පොලිස් නිලධාරීන්ට නියම කෙරිණ. එළවළු වෙළෙඳාමේ ගිය සිය පුතු අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහර දී මරණයට පත් කිරීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා මීගහකිවුල ප්‍රදේශයේ පදිංචි කේයූ මල්ලිකා නමැත්තිය ගොනු කළ පෙත්සමක් විභාග කර එහි තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කර තිබේ.

Related posts

Leave a Comment