නේවාසික විදේශිකයන්ට මත්පැන් අලෙවියට තරු හෝටල් 82 කට අවසර

නේවාසිකව මෙරට රැඳී සිටින විදෙස් සංචාරකයන් සඳහා මත්පැන් අලෙවි කිරීමට ප‍්‍රධාන පෙළේ හෝටල් 82 කට අවසර ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
 
 දිවයිනේ ක‍්‍රියාත්මක වන ආරක්‍ෂිත හා සුරක්‍ෂිත පළමු මට්ටමේ හෝටල් තුළ නේවාසිකව සිටින විදේශීය සංචාරකයන්ගේ පහසුව සඳහා එම සංචාරකයන් නවාතැන් ගෙන සිටින කාල සීමාව තුළ එම හෝටල් සඳහා නිකුත් කර ඇති සුරාබදු බලපත‍්‍ර ක‍්‍රියාත්මක කිරීමට අවසර ලබාදී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප‍්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය.
 
 මෙම අවසරය එම හෝටල්වලට පිවිසෙන දේශීය සංචාරකයන් හෝ අමුත්තන් සඳහා අදාළ නොවන අතර එම අවසරය අනුව අදාළ හෝටල් ක‍්‍රියාත්මක සෙසු සෞඛාරක්‍ෂිත උපදෙස්වලට අනුව බවද ඒ මහතා අවධාරණය කළේය.
 
 අදාළ හෝටල් අධීක්‍ෂණ කටයුතු පළාත් භාර සුරාබදු කොමසාරිස්වරුන්ට පවරා ඇති අතර පළමු මට්ටමේ හෝටල් පිළිබඳව නාමලේඛණය ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන අධිකාරියේ නිල වෙබ් අඩවියේ ප‍්‍රසිද්ධ කර ඇත.

Related posts

Leave a Comment