රජයට විධිමත් සැලසුම් නෑ – වජිර අබේවර්ධන

එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසන්නේ වර්තමානයේ ආපදාවන් තුනකට රට මුහුණ දී ඇති නමුත් ඒ්වා මැඩ පවත්වා ගැනීමට විධිමත් සැලසුම් ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වී ඇති බවයි. අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ පවතින කොරෝනා වසංගතය, ඉන් පසු ප්‍රථම වතාවට ඉන්දීය සාගරයේ ශ්‍රී ලංකාව ආසන්නයේ නැවක් පුපුරා යෑම සහ දැනට පවතින ගංවතුර සහ නාය යෑම් යන ආපදා මැඬ පැවැත්වීමට රජයට කෙටි කාලීන, මධ්‍ය කාලීන හෝ දීර්ඝ කාලීන විසඳුම් ඇතැයි පෙනෙන්න නොමැති බවත් ඒ් මහතා කීය. කොළඹදී ඊයේ (8) පැවති මාධ්‍ය හමුවක් අමතමින් අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය. මේ වන විට අප රටට ස්වාභාවික ආපදා පැමිණ තිබුණත් රජය ඒ පිළිබඳ නිසි ක්‍රමවේදයකින් කටයුතු නොකිරීම නිසා දැන් 19 දෙනකු මිය ගොස් තිබෙන බවත්,. ඒ පිළිබඳ එක්සත් ජාතික පක්ෂය හැටියට කනගාටුව ප්‍රකාශ කර සිටින බවත් ඒ මහතා කියා සිටියේය.

Related posts

Leave a Comment