ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින්ගේ පහළ යාමක්

ඉන්දියාවේ ඉකුත් පැය 24 තුළ කොරෝනා ආසාදිතයන් 91,227 දෙනෙකු හඳුනා ගෙන තිබේ. එය දින 66කට පසු එරටින් වාර්තා වූ අඩුම දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව බව සදහන් වේ. ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 290 ඉක්මවා ගොස් ඇත. ඒ අතර ඉකුත් පැය 24 තුළ එරට සිදු වූ මරණ සංඛ්‍යාව 2213 ක්. මේ අතර මේ වන විට එන්නත් මාත්‍රා විසිතුන් කෝටි හැටලක්ෂයක් පමණ ලබා දී තිබේ.  කෙසේ නමුත් කර්නාටක, කේරළ, තමිල්නාඩු සහ අන්ද්‍රා ප්‍රදේශ් හි කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව පවතින්නේ තරමක ඉහළ අගයකය.

Related posts

Leave a Comment