රනිල් පාර්ලිමේන්තු ආවාට අපට ගැටලුවක් නැහැ – රංජිත් මද්දුමබණ්ඩාර

සමඟි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසන්නේ මේ රටේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ රනිල් වික්‍රමසිංහ මහතා නැවත පාර්ලිමේන්තුවට පැමිණීම සිය පක්ෂයට ගැටලුවක් නොවන බවයි. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසු සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඔහුට සහාය පළ කිරීමේ සූදානමක් ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් දිනමිණට අදහස් පළ කරමින් ඒ මහතා මේ බව පැවසීය. මේ ප්‍රචාරය වන්නේ අසත්‍යයක් බවත් මේ ප්‍රකාශයේ අසත්‍ය බව පෙන්නුම් කිරීමට අප පක්ෂයේ සියලු දෙනා සජිත් ප්‍රේමදාස මහතාට විශ්වාසය පළ කරලා ඔහු සමඟ සිටින බව තහවුරු කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු අයෙක්. ඔහු ආණ්ඩුවට අවශ්‍ය දේ කරන්නේ. ආණ්ඩුව ඔහුට ආරක්ෂාව දීලා තියන් ඉන්නේ ආණ්ඩුවේ පැවැත්මට. මෙවැනි ප්‍රතික්ෂේප කළ අයකු ආවට අපේ කිසිම ප්‍රශ්නයක් නැහැ.

Related posts

Leave a Comment