පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන ඝාතක සහරාන් සමග සම්බන්ධතා පැවැත්වූ දෙදෙනෙක් පොලිස් දැලේ!

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන ඝාතකයා වන සහරාන් හෂීම් නමැත්තා සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් ඔහුට ආරක්ෂාව සැලසූ බව කියන පුද්ගලයන් දෙදෙනකු මඩකළපුවේ දී සහ කාහටගස්දිගිලිය දී ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසයේ නිළධාරීන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස් පස් හැවිරිදි සා හතළිස් හත් හැවිරිදි වියේ පසුවන පුද්ගලයන් දෙදෙනකි

කාහටගස්දිගිලිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ 2018 වර්ෂයේ දී සහරාන් හසීම් ඇතුළු වූ පුද්ගලයන්  පස්දෙනකුට  සැඟවී සිටීමට ආරක්ෂාව සැලසීම සම්බන්ධයෙනි.

අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මඩකලපුවේ බන්ධනාගාර ගතව සිට ඇති අතර ඔහු කාන්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ බවත් ආගමික අන්තවාදය සහ ආගමික මතවාදය පැතිරවීම සහ සහරාන් හසීම් නැමැත්තාට ආරක්ෂාව සැලසීම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා ද පවසයි.

සැකකරුවන් දෙදෙනාගෙන් රඳවා තබාගැනීමේ නියෝග මත ප්‍රශ්න කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන්කරයි.

Related posts

Leave a Comment