අවුරුදු 4ක දරුවෙකුට බියර් දුන් පුද්ගලයෙක් අත්අඩංගුවට

අවුරුදු 4ක් වන කුඩා දරුවෙකුට බියර් වැනි මත්පැන් ද්‍රව්‍යයක් ලබාදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ වීඩියෝවකට අදාළව කරනු ලැබූ පරික්ෂණවලින් අනතුරුව පෑලියගොඩ නුගේ පාරේ පදිංචි අවුරුදු 25ක පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. පෑලියගොඩ පොලීසිය විසින් පරීක්ෂණ පැවැත්වූ අතර සැකකරු අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ශ්‍රී ලංකාවේ නීතිය අනුව 18 පහළ දරුවෙකුට මත්පැන් හෝ මත්ද්‍රව්‍ය අලෙවි කිරීම මෙන්ම ලබාදීම වරදක් වෙයි.

Related posts

Leave a Comment