ඊයේ දිනය තුල කොරෝනා මරණ 100ක් වාර්තා වී නෑ – සෞඛ්‍ය අංශ ගැසූ පට්ටපල් බොරුව එළියට!

ඊයේ දිනය තුල දෛනික කොරෝනා මරණ 101ක් වාර්තා වූ බවට සෞඛ්‍ය අංශ විසින් නිකුත් කළ ලේඛණයේ සඳහන් වුනා. මෙම වාර්තාව සකස් කර තිබුනේ ඊයේ දින පමණක් මරණ 101ක් වාර්තා වූ අන්දමටය.

නමුත් මේ වනවිට හෙළිදරව් වී තිබෙන්නේ මීට මාස තුනකට පමණ පෙර මියගිය පුද්ගලයන් පවා මෙම ලයිස්තුවට එක්කර ඊයේ දින වාර්තාව සෞඛ්‍ය අංශ විසින් මාධ්‍යයට නිකුත් කර ඇති බවයි.

මෙයට හේතුව වන්නේ යුධ හමුදාපතිවරයා රට විවෘත කිරීම සම්බන්ධයෙන් සුභදායක මතයක් මාධ්‍යයට ලබා දුන් නිසා හමුදාපතිවරයා සහ රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණෙන් බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

දෛනික කොරෝනා මරණ වාර්තාවේ අඩංගු වන්නේ අද දින මිය ගිය පුද්ගලයන් ගණන නොව අද දින නිකුත් වන PCR ප්‍රථිපල මගින් තහවුරු කල මරණ ගන්නයි. සාමාන්‍යයෙන් PCR වාර්තා නිකුත් වීමට දින දෙක තුනක් නමුත් මෙම වාර්තාවේ මාස තුනකට පමණ පෙර මියගිය පුද්ගලයන් පවා ඇතුලත් වී තිබීම විමතියට කරුණකි.

වාර්තාවේ කුඩා අකුරින් පමණක් මිය ගිය දින සටහන් කර තිබෙන අතර බොහෝ මාධ්‍ය මේ පුවත වාර්තා කළේ ඊයේ දින කොරෝනා මරණ 101ක් සිදු බවට හැඟවෙන පරිදිය. මියගිය පුද්ගලයන්ගේ දේහ වලට සිදු කරන PCR පරීක්ෂණ වාර්තා ප්‍රමාද කර තමන්ට අවශ්‍ය වෙලාවට නිකුත් කිරීමෙන් සෞඛ්‍ය අංශ මෙලෙසට කොරෝනා මරණ වාර්තාව රිසිසේ පාලනය කරමින් සිටින බවයි පෙනී යන්නේ.

උදාහරණයක් ලෙසට අද දින මිය ගිය පුද්ගලයෙකුගේ PCR වාර්තාව තව දින දෙකකින් හෝ මාස දෙකකින් නිකුත් කළ හැකිය. එවිට එම මරණය නිකුත් වෙන්නේ අද දින සිදුවූ මරණයක් ලෙස නොව PCR වාර්තාව නිකුත් වූ දින සිදුවූ මරණයක් ලෙසය. ඒ අනුව සෞඛ්‍ය අංශ කොරෝනා මරණ සම්බන්ධ යතාවත් වාර්තාවක් (real time) නිකුත් නොකිරීම මගින් රටේ වර්තමාන සැබෑ තත්වය හඟවන අතරම එය තමන්ට අවශ්‍ය ලෙස පාලනය කිරීමක නිරතවන බවට පැහැදිලිවම පෙනී යන කරුණක්. 

වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් ඇතුළු සෞඛ්‍ය සේවයේ වගකිවයුතු නිලධාරීන් සමහරක් මේ අවස්ථාවේ රටේ පවතින වසංගතය හමුවේ තම වගකීම ඉටු නොකර වැටුප් වැඩිවීම්, තම පවුල්වල සාමාජිකයින්ට හා හිතවතුන්ට එන්නත් මෙන්ම වෙනත් වරදාන හා වරප්‍රසාද ලබාගැනීම උදෙසා වසංගතය ඉල්ලමක් කරගෙන ඇති අතර සිය අවශ්‍යතා වෙනුවෙන් කොවිඩ් වසංගතය මෙහෙයවමින් හා ඒ හරහා රජය මෙන්ම ජනතාවද අපහසුතාවයට පත් කිරීම ලජ්ජා සහගතය.

Related posts

Leave a Comment