කොවිඩ් එන්නත් ගේන්න කෝටි 7,600ක් වැය වෙලා

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසන්නේ කොවිඩ් මර්දන එන්නත් ආනයනය කිරීමට ආණ්ඩුවට රුපියල් කෝටි 7,600ක් (බිලියන 76) වැය කිරීමට සිදුව ඇති බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වූ කොවිඩ් මර්දන කමිටුවේදී ප්‍රසන්න ගුණසේන මහතා මේ බව සඳහන් කර තිබේ. යුරෝපය සහ අමෙරිකාව මේ වන විටත් 2022 සහ 2023 වසරවලට ද කොවිඩ් මර්දන එන්නත් ඇණවුම් කරමින් සිටින බවත් කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා කිහිපයක් දිය යුතු බවට එම රටවල් විශ්වාස කරනවා විය හැකි බවත් විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කියා සිටියේය. මේ වන විට එන්නත් ගෙන ඇති සහ ඉදිරියට ගන්නා සියලු දෙනා පිළිබඳ තොරතුරු ඊට ඇතුළත් කිරීමටත් එන්නත්කරණය පිළිබඳ අන්තර්ජාතිකව පිළිගන්නා සහතිකයක් නිකුත් කිරීමටත් කොවිඩ් මර්දන කමිටුවේදී අවධානය යොමු වී තිබේ.

Related posts

Leave a Comment