සංචරණ සීමා දීර්ඝවෙයි

  • අත්‍යවශ්‍ය සේවාවලට අවසර
  • කර්මාන්ත ශාලා – වැඩබිම් සති පොළවලට යෑමට ඉඩ

කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා මේ වන විට පනවා ඇති සංචරණ සීමා එළඹෙන 21 දා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (11) පැවසීය. ඒ අනුව එම සංචරණ සීමා එළඹෙන 14දා ඉවත් නොකෙරෙන අතර, එය මේ මස 21දා අලුයම 4 දක්වා බල පැවැත්වෙන බව යුද හමුදාපතිවරයා කියා සිටියේය. කෙසේ වෙතත් මේ කාල සීමාව තුළ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට අවසර හිමි වන බව හෙතෙම කියා සිටියේය. කර්මාන්ත ශාලා, වැඩබිම් සහ සති පොළවලට කොන්දේසි මත ගමන් කිරීමට ඉඩ දෙන බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Related posts

Leave a Comment