අද කාලගුණය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. එමෙන්ම සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ට වඩා වැඩි වැසි ඇතිවිය හැකියි. වයඹ පළාතේද වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී 30 – 40 වන අතර, විටින් විට පැ.කි.මී 50 දක්වා වැඩි විය හැකියි.

Related posts

Leave a Comment