ශ්‍රී ලංකාවට විදෙස් සහාය අහිමිවන ආකාරයේ කිසිදු කටයුත්තක් කරන්න එපා – අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

වත්මන් රජයට ජාත්‍යන්තර සහය අහිමිවන ආකාරයේ කටයුතු නොකරන්නැයි විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීත් රටේ බහුතර ජනතාව ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කිරීමට දායකවී ඇති බැවින් වත්මන් රජයේ ජනතාවාදී වැඩ පිළිවෙලට ජාත්‍යන්තරයෙන් සහයෝගය හිමිවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

නැගෙනහිර පළාතේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් ත්‍රිකුණාමලය නගරයේදී විවෘත කිරීමේ උත්සවයට ඊයේ එක්වෙමින් දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා.

ස්වාධින, ස්වෛරී, නිදහස්, ඒකීය රාජ්‍යය ආරක්ෂා කරමින් මෙරට සංවර්ධනයට වත්මන් ආණ්ඩුව කැප වී සිටින බවයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහිව පැවති යුද්ධය අවසන්වීමෙන් පසුව උතුරු සහ නැගෙනහිර පලාත් සංවර්ධනයට රජයට දැක්වූ දායකත්වයද දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී සිහිපත් කළා.

Related posts

Leave a Comment