ඔබේ සම පැහැපත් කර ගත හැකි අගනා පළතුරු 5ක්.

ඔබේ සමේ සෞඛ්‍යයට ඔබ පරිභෝජනය කරන ආහාර දායක වේ. නිවැරදි ආහාර ගැනීම යනු පැහැපත් හා තරුණ පෙනුමක් ඇති සමක් පවත්වා ගැනීම අරමුණු කරගත් විට සැලකිල්ලට ගත යුතු වැදගත්ම කරුණකි. වර්තමානයේ අලංකාර පෙනුමක් ලබා ගැනීම සඳහා කුමන ආහාර අනුභව කළ යුතුද සහ කුමන ආහාර වලින් වැළකී සිටිය යුතුද යන්න පිළිබඳ සම්පූර්ණ සටහනක් ඔබට ලබාදෙන ආහාර සැලසුම් බොහෝ ප්‍රමාණයක් ඔබට දක්නට හැකිය.

මධ්‍යස්ථභාවය රැකගෙන ඔබට ඔබ ආස කරන රසවත් ඕනෑම ආහාරයක් ලබා ගත හැක. මෙය ඔබේ සමේ පැහැපත් කමටත් බොහෝ උපකාර කරාවි. උදාහරණයක් ලෙස, බැදපු ආහාර අනුභව කිරීම හෝ තෙල් භාවිතය අඩු කිරීම ඔබේ සමට හා බරට හිතකර තත්ත්වයකි.ඕනෑම ආකාරයක ආහාරයකට පලතුරු එකතු කිරීම මගින් නිරෝගී සමක් ඔබට ලබා ගත හැකිය.

සමේ බාධක ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සදහා සහ නිරෝගී ශරීරයක් සදහා විටමින් සී අවශ්‍ය වන අතර එය අභ්‍යන්තර සෞඛ්‍ය සඳහා ප්‍රතිශක්තිය ශක්තිමත් කිරීමට සහ කොලජන් නිෂ්පාදනය ඉහළ නැංවීමට සහ බාහිර සෞඛ්‍යය හා අලංකාරය සඳහාද වැදගත් වේ. විටමින් සී ස්වාභාවිකවම නිපදවීමට අපගේ ශරීරයට හැකියාවක් නැත.  එය දිනපතා ගබඩා කර තැබිය යුතු අමුද්‍රව්‍යයකි.සෑම කෙනෙකුම දිනපතා විටමින් සී සහිත ආහාර අනුභව කල යුතුමය මීට හේතුව ඔබේ රුධිරය තුළ එය වෙන් කර නොගැනීමයි.දිනපතා පැඟිරි පලතුරු හෝ බෙරි වැනි විටමින් බහුල ආහාර අනුභව කිරීම තුලින් ඔබේ සම පැහැපත් කර ගත හැකිය. අද අපි ඔබට රැගෙන ආවේ විටමින් සී ඔබේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයෙන් ලබා ගැනීමට හැකි පලතුරු වර්ග 5ක් පිළිබදවය.

01. දොඩම්

කුරුලෑ වළක්වා ගැනීමට සහ සමේ දීප්තිය ඇති කිරීමට දොඩම් දිනපතා ආහාරයට ගැනීම තුළින් හැකිය.ඔබේ සම සජලීව හා පැහැපත් වීමට මෙහි ඇති ස්වාභාවික තෙල් වර්ග වලින් හැකියාවක් ඇත .විටමින් සී දිනපතාම ඔබේ ශරීරයට ලබා ගැනීමට දොඩම් ආහාරයට ගැනීම තුළින් හැකිය. ඔබටත් දීප්තිමත් සමක හිමිකාරයෙකු වන්නට මේ තුළින් හැකි වේවි.

02. කීවි

විටමින් සී විශාල ප්‍රමාණයක් අඩංගු මිල අධික විදේශීය පලතුරක් තමා කිවී කියල කියන්නේ.කොලජන් නිෂ්පාදනය ඉහළ නැන්වීමට වගේම ශරීරයේ ඔක්සිකාරක ආතතිය අඩු කිරීමටත් මේ ආහාරය ඔබට  උදව් කරාවි.

03. පැණි කොමඩු

උණුසුම් දිනයක් සඳහා හොඳ තේරීමක් ලෙස මෙම ඉස්ම සහිත පලතුර ගත හැකිය. 92% මෙහි අඩන්ගු වන්නේ ජලයයි.විටමින් සී, ඒ, බී 1 සහ බී 6 ද මෙහි අන්තර්ගතය.ඔබේ සමේ වයනය සහ සමස්ත සෞඛ්‍යය වැඩි දියුණු කිරීමේ හැකියාවක් මෙම පළතුර දෛනික පරිභෝජනයෙන් ඔබට අත් වේවි.

04. අන්නාසි

විටමින් ඒ සහ කේ මෙම පලතුරේ අඩංගු වේ. තුවාල සුව කිරීමේ සංඝටකයක් වන බ්රෝමලේන්ද මෙහි අඩංගු වේ. ඔබේ සම කුරුලෑ වලින් තොර වීමට උපකාරී වන අතර හිරු පැල්ලම් අවම කර වයසට යාමේ සලකුණු වැළැක්වීමටද මෙම අන්නාසි වලට හැකියාවක් ඇත.

05. ඇපල්

ඔබේ සමේ අවපැහැය ඉවත් කර ගැනීමට දිනකට එක ඇපල් ගෙඩියක් බැගින් ආහාරයට ගත් විය හැකිය.සමේ ගැටළු සහ වයස්ගත වීමේ සලකුණු වැනි ගැටළු සඳහාද මෙය අගනා අහාරයකි.ඇපල් වල විටමින් A සහ C අන්තර්ගත වේ. මේ නිසා ඔබේ සමේ සෞඛ්‍යය නංවාලීමට ඇපල් පරිපූර්ණ ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයක් ලබාදෙයි. නිදහස් රැඩිකල් හානිවලින් හා ඔක්සිකාරක ආතතියෙන් ඔබව ආරක්ෂා කිරීමටද මේ අගනා ආහාරයෙන් ඔබට හැකියාවක් ඇත.

Related posts

Leave a Comment