සුන්දර කෙස්කලඹක් ලබාගන්න මේ දියර වර්ග 3 පාවිච්චි කරන්න

ඔබේ කොණ්ඩයට ලොකු වෙනසක් කිරීමට ඔබ හිසකෙස් පිළියමක් ෂැම්පූ කිරීමෙන් පසු භාවිතා කරන්නේ නම් හැකී. මේ තුළින් ඔබට විශාල වාසි රාශියක් ලබා ගත හැකිය. හිසකෙස් සේදීම පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් වීම, හිසකෙස් හා හිස්කබල තෙතමනය කිරීමට, pH මට්ටම සහ තෙල් සමතුලිත කිරීමට උපකාරී වීම වැනි දෑ ඉන් කිහිපයක්ය.ස්වභාවික හිසකෙස් පිළියමක් භාවිතා කිරීමට ඔබ කැමැත්තෙන් සිටිනවා නම් මින් එකක් භාවිතා කිරීමට ඔබට හැකී.

01. ඇපල් සයිඩර් කෙස් සේදීම

පැහැදිලි කෙස් කළඹක් ලබා ගැනීමට මෙය අගනා ද්‍රවයයකි.ඵලදායී ලෙස ග්‍රීස් ඉවත් කර හිස්කබලේ හා හිසකෙස් වලින් අපිරිසිදු නිෂ්පාදන ඉවත් කිරීමේ හැකියාවක් මීට පවතින් අතරම හිස්කබලේ pH අගය සමතුලිත කිරීමටද ඇපල් සයිඩ‍ර් අගනා අමුද්‍රවයයකි.

භාවිතා කරන්නේ කෙසේද:-   ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි දෙකක් වතුර කෝප්ප දෙකකට එක්කර හොදින් කලවම් කර භාවිතයට ගැනීම සුදූසුයි.මසකට වරක් හෝ දෙවරක් ෂැම්පු කිරීමෙන් පසු හිසකෙස් සේදීම සඳහා භාවිතා කරන්න.

ඉඟිය: මී පැණි තේ හැන්දක් එක් කර වියළි කෙස් තිබේ නම් භාවිතා කල හැකී.

02. ලෙමන් කෙස් සේදීම

විටමින් සී බහුලව අඩන්ගු ආහාරයක් ලෙස ලෙමන් හැදින්විය හැකී. ලෙමන් වලට කොලජන් නිෂ්පාදනය ඉහළ නැන්වීමේ හැකියාවක් ඇත. මෙය හිසකෙස් වර්ධනයට උපකාරී වේවි.හිස්කබලේ ඇති සෙබන් නිෂ්පාදනය සමතුලිත කිරීමට විටමින් සී ද මගගු උපකාරයක් කරයි.

භාවිතා කරන්නේ කෙසේද:-  වතුර කෝප්ප දෙකකට නැවුම් මිරිකා ගත් ලෙමන් යුෂ මේස හැන්දක් එක්කර හොදින් කලවම් කරන්න.ඔබේ හිසකෙස් සේදීම සඳහා සතියකට වරක් හෝ දෙසතියකට වරක් ෂැම්පු කිරීමෙන් පසු මෙය භාවිතා කරන්න.

ඉඟිය: හිස්කබල නැවුම් කර, සංසරණය වැඩි කර, හිසකෙස් වර්ධනයට උපකාරී වන ද්‍රවයයක් තමා මින්ට් කොළ කියල කියන්නේ. මීට නැවුම් හෝ වියලූ මින්ට් කොළ එක් කර ගැනීමටද ඔබට හැකියාවක් ඇත.

03. තේ / කෝපි හිසකෙස් සේදීම

කැෆේන් අඩන්ගු ද්‍රවයයක් තමා තේ සහ කෝපි කියල කියන්නේ.හිසකෙස් වර්ධනයට සහ හිසකෙස් වැටීම අඩු කිරීමට මීට හැකියාවක් තිබෙනවා. ඔබටත් සෞඛ්‍ය සම්පන්න හිසකෙස් ලබා ගැනීමට අවශ්‍ය නම් මේවා භාවිතා කර ඔබේ හිසකෙස් සෝදන්න.

භාවිතා කරන්නේ කෙසේද:- ඔබ කල යුත්තේ වතුර කෝප්ප දෙකක තේ බෑග් කිහිපයක් හෝ කෝපි මේස හැඳි දෙකක් දමා තේ හෝ කොෆී සෑදීමයි. සිසිල් වීමට ඉඩ දී ආලේප කල හැකී.  මෙය සතියකට වරක් අමතක නොකර සිදු කරන්න.

ඉඟිය: විවිධ ශාකසාර තේ මිශ්‍රණ ඔබට වඩාත් හොද ප්‍රතිපල ලබාදේවි.

මතක තබා ගත යුතු කරුණු

කෙස් සේදීමේදී අතිශයින්ම ආලේප සහිත හිසකෙස් මත මෙය භාවිත කිරීම නොකරන්න. සේදීමට පෙර අවම වශයෙන් මිනිත්තු කිහිපයක්වත් ඔබේ හිසකෙස් මත මේවා තබන්න. පසුව හිසකෙස් සෝදාහරින්න.

Related posts

Leave a Comment