ගෑස් සිලින්ඩර දහයක සඟවා හරක් කටා මෙරටට එවූ කෝටි ගණනක කුඩු මාට්ටු

මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට රැගෙන එමින් තිබූ රුපියල් කොටි දෙසිය දහනවයකට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ දෙසිය විස්සකට ආසන්න ප්‍රමාණයක් ඊයේ (13දා) අලුයම වැලිගම පොල්අතුමෝදරදී මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන ඇත.

රාජ්‍ය බුද්ධි සේවාවට ලද තොරතුරක් මත නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව මෙම වැටලීම සිදු කර තිබේ. අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය ඩුබායි රටට පැනගොස් සිටින බව කියන හරක් කටා නමැත්තා විසින් මෙරටට එවා ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පසුගිය මැයි 11 දා ධීවර කටයුතු සඳහා පිටත් වූ බහුදින ධීවර යාත්‍රාවකින් මෙම කුඩු තොගය රැගෙනවිත් යාත්‍රාවට මාරු කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇත.

ගෑස් සිලින්ඩර දහයක හා ගෝනි දෙකක් තුළ හෙරොයින් පාර්සල් සූක්ෂ්මව සඟවා තිබී ඇත.

මෙහිදී සොයාගත් හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් දෙසිය දහ නවයකුත් ග්‍රෑම් අටසියයක් බව අනාවරණය වී ඇත. නාවික හමුදා. වෙරළාරක්ෂක බළකාය විසින් මුහුදේදී යාත්‍රා දෙක සමග සැකකරුවන් නව දෙනකු අත්අඩංගුවට ගත් අතර ගොඩබිමේදී මත්ද්‍රව්‍ය භාර ගැනීමට සිටි සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් කොටු කර ගෙන ඇත.

සැකකරුවන් වැලිගම, දික්වැල්ල, අහංගම, පිලියන්දල, පොල්වතුමෝදර,, කෝට්ටේගොඩ පදිංචිකරුවන්ය.

කොස්ගොඩ සුජී නමැති පාතාල නායකයාගේ සහාය මත හරක් කටා නොහොත් මිදිගම චින්තක නමැත්තා මෙම හෙරොයින් තොගය පාකිස්තාන් ජාවාරම්කරුවන් මාර්ගයෙන් ගෙන්වාගෙන ඇතැයි තොරතුරු අනාවරණය වී ඇත.

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය වැටලීම්වල නිරත ඔත්තු සේවාවන් සමග තොරතුරු හුවාමරු කර ගනිමින් රාජ්‍ය ඔත්තු සේවාව ලබාගත් තොරතුරක් මත දින ගණනක් තිස්සේ කළ මෙහෙයුමක් අනුව මෙම වැටලීම කර ඇත

Related posts

Leave a Comment