කාන්තා සිරුරේ පුදුමසහගත බව පෙන්වන ඔබ නොදන්නා කරුණු 10ක්

ස්වභාව ධර්මයේ පුදුමාකාර නිමැවුමක් ලෙස ස්ත්‍රී ශරීරය හැදින්විය හැකී.ස්ත්‍රිය පව්කාරයි, අපිරිසුදුයි කියල තමා මිත්‍යාමතිකයන් විසින් පවසන්නේ. ස්ත්‍රීන්ව එසේ ලේබල් කිරීමට ඔවුන් බොහෝ උත්සහ කරනවා. නමුත් තවත් ජීවියෙකු වර්ධනය කර ගැනීමේ විශ්මිත හැකියාව පවතින්නේ මේ විශ්මයජනක ස්ත්‍රියට.ස්ත්‍රී ශරීරය හැඩගැසී තිබෙන්නේ සත්වයන්ගේ පැවැත්ම සඳහා වන ස්වභාවික ක්‍රියාවලිය තමන්ගේ භූමිකාවට උචිත ලක්ෂණ සහිතවයි.ස්ත්‍රී ශරීරය විශේෂයෙන් පව්කාර හෝ විශේෂයෙන් පූජනීය බවක් කිසිවිටෙකත් ගන්නේ නෑ. ඉතින් අද අපි ඔබට රැගෙන ආවේ ස්ත්‍රී ශරීරයේ සුවිශේෂිතා කිහිපයක් පිළිබදවයි.

 01. කාන්තාවන්ට පිරිමින්ට වඩා වර්ණ විශාල ප්‍රමාණයක් දකින්න පුලුවන්.

වර්ණාවලියේ වර්ණ රාශියක් කාන්තාවන්ට පිරිමින්ට වඩා දකින්න පුළුවන් කියල ඔබ දැනගෙන සිටියද. පිරිමි පුද්ගලයින්ට X ක්‍රොමසෝම එකක් පමණක් තිබ්බට කාන්තාවන්ගේ X ක්‍රොමසෝම දෙකක් පිහිටීම තමා මීට හේතුව.

02. එක පියයුරක් සෑම විටම විශාලයි.

සමාන පියයුරු එකම ප්‍රමාණයෙන් කිසිම කාන්තාවකට පිහිටන්නේ නෑ.සමහර විට මෙය හොඳින්ම පෙනෙන්න තිබෙන අතර සමහර විට පෙනෙන්නේ නෑ. මීට බොහෝ හේතු බලපාන්න පුළුවන්.පියයුරු වල මාංශපේෂි වල අඩුවීමක්, පියයුරු සමේ ප්‍රමාණය වගේම සමේ ප්‍රත්‍යස්ථතාවයත් වගේ දේවල් ඉන් කිහිපයක් ලෙස ගත හැකී. ඔබ මේ නිසා බිය වෙන්න හෝ පසු තැවෙන්න හේතුවක් නෑ. මෙය ඉතාම සාමාන්‍ය තත්ත්වයක් ලෙස තමා හදුන්වන්නේ.

03. දරු ප්‍රසූතියකදී කාන්තා සිරුර පුදුමාකාර ලෙස වෙනස් වෙනවා.

ලෝකයේ තියෙන ඉතාම වේදනාකාරි අත්දැකීමක් තමා දරු ප්‍රසූතිය කියල කියන්නෙ.ඕනෑම කාන්තාවක් මෙය හොදින්ම දන්න දෙයක්.කාන්තා සිරුර විශාල වෙනස්කමකට භාජනය වීමට දරු ප්‍රසූතියකදී පුළුවන්.ගැබ්ගෙල විස්තාරණය විශේෂයෙන්ම ගත හැකී.

කාන්තාවන්ගේ ගැබ්ගෙල වැසුණු විවරය දරුවකුට පැමිණීමට හැකි තරම් විශාල විවරයක් බවට පත් වීමට දරු ප්‍රසූතියකදී පුලුවන්.10cm විශ්කම්භයකට ප්‍රසූතියේදී එය විස්තාරණය වෙනවා. ඒ විතරක්ම නෙමේ ඉන් පසු දරුවාගේ හිස එළියට පැමිණිමට හැකි වන තාක්ම මෙය විශාල වෙනවා.

04. කාන්තාවන්ට වඩා පහසුවෙන් වේදනාවන් දරාගන්න පුලුවන්.

වේදනාව අත්විදීමට කාන්තාවන් හරි දක්ශයි.පිරිමින්ට වඩා කාන්තාවන්ට මේ හැකියාව හොදින්ම තිබෙනවා. මීට හේතුව මොළයේ ඇති සම්බන්දතාවයක්. කාන්තාවන් සහ පිරිමින් වේදනාව පිළිබඳ මතක තබාගන්නේ වෙනස් ආකාර වලට කියලා සමහර පර්‍යේෂණ වලින් හෙළි වෙලා තියෙනවා.කාන්තාවන්ට වේදනාවන් ඉතා ඉක්මණින් අමතක කිරීමේ හැකියාව තිබෙනවා උනාට පිරිමින් තමන් අතීතයේ විඳ ඇති වේදනාවන් ගැන සිතීමේදි බියටත් අපහසුතාවයටත් පත් වෙනවා.පිරිමින්ට වඩා 9 ගුණයකින් පමණ කානතාවන්ගේ වේදනා දරාගැනීමේ හැකියාව වැඩි බව කියනවා.</p>

05. භාෂාමය හැකියාවන් වැඩියි.

තම අදහස් ප්‍රකාශ කිරීමට ඇති භාෂාමය හැකියාව පිරිමින්ට වඩා කාන්තාවන්ට  තිබෙනවා. සාමාන්‍යෙන් පන්තියේදි භාශා විෂය්න්ට වැඩියෙන් දක්ෂ වෙන්නේත් ශිෂ්‍යාවන් මීට හේතුව තමා භාෂමය දේවල් වලට කාන්තාවන් දක්ෂ වීම.පිරිමින්ට වඩා කාන්තාවන්ගේ මොළයේ බාහික කොටසේ ලලාට ඛණ්ඩිකාව සහ ශංඛක කොටස විශාලයි.මොළයේ මෙම කොටස් ආශ්‍රිතව මිනිසුන්ගේ භාෂාමය හැකියාවන් පිළිබඳ ක්‍රියාවලිය සිදු වෙනවා කියල තමා කියන්නේ.

FOXP2 නම් ප්‍රෝටීනය කාන්තාවන්ගේ ශරීරයේ පවතිනවා.භාෂාමය හැකියාවට බලපෑම් කිරීමටත් මීටත් හැකියාවක් තිබෙනවා. පිරිමින් කාන්තාවන්ට වඩා අඩුවෙන් තමා කතාකරන්නේ. දිනකට කාන්තාවන් වචන 20000ක් කතාකරන අතර පිරිමින් කතාකරන්නේ 13000ක් පමණ‍‍යි.

06. කාන්තාවන්ගේ මාංශපේෂි වලටද වැඩි විඳදරාගැනීමේ හැකියාවත් තිබෙනවා.

‌සමාන්‍ය ආකාරයට පිරිමින්ට තමා ශක්තිමත් මාන්ශ පේශි තියෙන්නේ කියල කියන්නේ. නමුත් ඇත්තටම මෙය ඇත්ත නෙමේ.කාන්තාවන්ට ශක්ති ව්‍යායාම පිරිමින්ට වඩා 75%ක වෙලාවක් යෙදීමට හැකියි කියලා පර්‍යේක්ෂණ වලින් හෙළි වෙලා තියෙනවා.කාන්තාවන්ගේ ශරීරයේ ඇති ඊස්ට්‍රජන් නිසා මාංශපේෂි තෙහෙට්ටුවට වඩා හොඳින් ඔරොත්තු දීම තමා මීට හේතුව.

07. කාන්තාවන්ගේ සම ඉතාම සංවේදියි.

පිරිමින්ගේ සමට වඩා 25%ක් කාන්තාවන්ගේ සම ඝනකමෙන් අඩුයි.ඕනෑම සංවේදනයකට කාන්තාවන්ගේ සම දක්වන සංවේදි බව වැඩි මේ නිසාය.ඍණාත්මක ප්‍රතිපලත් මේ නිසා දක්නට නොලැබෙනවා නෙමෙයි.රැළි වැටීම් වලට පිරිමින්ට වඩා ඉක්මණින් කාන්තාවන්ට ගොදුරු වෙන්න සිද්ධ වෙන්නේ මේ නිසා තමා.වියපත් වන විට සිරුරේ කොලාජින් මට්ටම අඩු වීම තමා මීට හේතුව.

08. කාන්තාවන්ගේ මූඩ් එක ඇයගේ හෝමෝන මත රඳා පවතිනවා.

පූර්ව ඔසප් ආතතිය එහෙමත් නැත්තම් අපි මේකට කියනවා PMS  කියල. කාන්තාවන්ගේ සෑම දිනක්ම මාසික ඔසප් චක්‍රයත් එක්ක ඉතාම කිට්ටු සම්බන්ධයක් තිබෙනවා.කාන්තාවන්ගේ පෙනුම, හැඟීම් ශක්තිය ආදිය දිනෙන් දින වෙනස් වෙනවා. මීට හේතුව තමා ඔසප් චක්‍රය අනුව කාන්තාවන්ගෙේශරීරයේ හෝමෝන මට්ටම් නිරන්තරයෙන් වෙනස් වීමට භාජනය වීම.

කාන්තාවන්ට ඉතාම ප්‍රබෝධමත් බවක් සාමන්‍යෙන් කානතාවන්ගේ ඔසප් වීම ආරම්භ වීමෙන් දින දහයකට පසු දක්නට පුළුවන්. ඩිම්බ මෝචනයට පෙර තමා මෙය සිදු වෙන්නේ.කාන්තාවන් වඩා ආකර්ශණීය සහ ශෘංගාරාත්මක ලෙස අඳින්න පළඳින්නත් මේ කාලයේදී උත්සහා කරනවා.සුදුසු සහකරුවන් ආකර්ශණය කරගැනීමට ඇති ජානමය අවශ්‍යතාවය නිසා තමා මෙය සිදු වෙන්නේ.ප්‍රොගෙස්ටෙරෝන් මට්ටම වැඩි වීමට පටන් ගන්නේ ඉන් සතියකටපමණ පසුවයි. මේ කාලයේදී ඔවුන් වඩාත්ම කැමති දේ තමා සහකරුට තුරුල්වී නිවසටම වී සිටීම.

ඔවුන් තරමක් ඉක්මණින් තරහ යන පොඩි දෙයකට පවා හිත රිද්දාගන්නා තත්වයට පත් වෙන්නේ ඊළග සතියෙදී.ඔවුන්ගේ මේ හැසිරීම ඉහල තත්වයකට යන්නේ ඔසප් ආරම්භයට පැය 12-24කට පමණ පෙර.

09. කාන්තාවන් දෙවරක් වැඩිහිටිභාවයට පත් වෙනවා.

කාන්තාවන්ගේ ශරීරයේ පූර්ව ආර්තවහරණ ක්‍රියාවලියක් නව යොවුන් වියේදි වගේම වයස 40 ගණන් වලදීත් සිදුවෙනවා. මේ කාලයේදී ඔවුන් විවිධ දේවල් පෙන්නුම් කරනවා.ඔසප් චක්‍රය අක්‍රමවත් වීම, නින්දේදිධික ලෙස දහඩිය දැමීම මෙන්ම නව යොවුන් තරුණියන් මෙන් නුරුස්සන සුළු තත්වයකට පත් වීම ඉන් කිහිපයක්.

10. කාන්තාවන් අන් අයගේ මූණේ හැඟීම් කියවීමට දක්ෂයි.

මුහුණු වල හැඟීම් කියවා ගැනීමට කාන්තාවක් උපතේ සිටම හරිම දක්ෂ‍යි.පුදගලයන්ව හොඳින් වටහා ගනිමින් ඔවුන් සමඟ සම්බන්ධවීමට ඔවුන්ට මේ නිසා හොද හැකියාවක් තිබෙනවා.වඩා හොඳින් මුහුණේ අංග්ලක්ෂණ මතක තබාගැනීමටත් කාන්තාවන්ට පුළුවන්.

Related posts

Leave a Comment