ඊශ්‍රායලය නෙතන්යාහුගෙන් ගිලිහෙයි

බෙන්ජමින් නෙතන්යාහුගේ වසර 12ක පාලන කාලය නිමා කරමින් ඊශ්‍රායලයේ නව අගමැතිවරයා ලෙස නෆ්තාලි බෙනට් පෙරේදා දිවුරුම් දුන්නේය. ඊශ්‍රායලයේ වැඩිම කාලයක් අගමැති පදවිය දැරූ නෙතන්යාහු පෙරේදා එරට පාර්ලිමේන්තුවේ පැවැති විශ්වාසය පළ කිරීමේ යෝජනාව එක් වැඩි ඡන්දයකින් පරාජයට පත් විය. ඔහු ඡන්ද 59ක් දිනා ගත් අතර, බෙනට් ලැබූ ඡන්ද සංඛ්‍යාව 60කි.

දක්ෂිණාංශික යමිනා පක්ෂයේ ප්‍රධානී 49 හැවිරිදි නෆ්තාලි බෙනට් අගමැති ධුරයට පත් වූයේ නෙතන්යාහුගේ ප්‍රතිවාදී පක්ෂ 8කින් සමන්විත සන්ධානයක් මගිනි. ඒ අනුව වසර 4කින් සමන්විත නව සභාග රජයේ ඉදිරි වසර 2ක කාලයක් බෙනට් අගමැති ධුරයේ කටයුතු කිරීමට නියමිත අතර, අවසන් වසර 2ක කාලයේදී සභාග රජයේ ප්‍රබලතම පක්ෂයක් වන යෙෂ් අටාඩි පක්ෂයේ නායක යයිර් ලැපීඩ් අගමැති පදවියේ කටයුතු කරනු ඇත.

Related posts

Leave a Comment