ශී‍්‍ර ලංකාවේ සිට ආයුධ සන්නද්ධ පිරිසක් ඉන්දියාවට පනින්න හදලා – තමිල්නාඩුවේ සහ කේරලයේ ආරක්‍ෂාව තර කරයි!

ලංකාවේ සිට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් රාමේශ්වරන් වෙරළ තීරය හරහා ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ දරන බවට එරට බුද්ධි අංශවලට අනාවරණය වීමත් සමග තමිල්නාඩු ප‍්‍රාන්තයේ හා කේරලයේ ආරක්ෂාව තර කර තිබේ.
 
 තමිල්නාඩු ප‍්‍රාන්ත පොලිසිය සහ එරට මධ්‍යම බුද්ධි අංශය මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති බව ඉන්දීය මාධ්‍ය ප‍්‍රකාශ කරයි.
 
 ආයුධ සන්නද්ධ පිරිසක් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ දරන බවට තොරතුරු ලැබී ඇති බව ඉන්දීය මධ්‍යම බුද්ධි අංශය විසින් පසුගිය සෙනසුරාදා පස්වරුවේ අනතුරු ඇඟවීමක් සිදුකර තිබුණි. ඒ අනුව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ කන්‍යාකුමාරි, තූත්තුකුඩි, රාමේෂ්වරම් සහ චෙන්නායි යන නගරවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කර ඇති බවය.
 
 තමිල්නාඩුවේ වෙරළබඩ ප‍්‍රදේශ කරා ගමන් කරන සියලූම ප‍්‍රධාන මාර්ගවල ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදවා ඇති අතර වෙරළ තීරයට ළඟාවීමට දරන ඕනෑම උත්සාහයක් වළක්වා ගැනීම සඳහා වෙරළ ආරක්ෂක මුර සේවයද ඉහළ දමා ඇති බව සඳහන් වේ. මේ අතර මීට දින කිහිපයකට පෙර නීති විරෝධී ලෙස කර්ණාටකයේ රැඳී සිටි ශ‍්‍රී ලාංකිකයන් 38 දෙනකු තමිල්නාඩු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි

Related posts

Leave a Comment