ඊයේ මියන්මාර උද්ඝෝෂණවලින් තවත් 21ක් දෙනෙකු මරුට

හමුදා පාලනයට එරෙහිව පැවැත්වෙන උද්ඝෝෂණවල දී තවත් විරෝධතාකරුවන් 21 දෙනෙක් ඊයේ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම උද්ඝෝෂණ රැල්ල ආරම්භ වූයේ,පසුගිය මස පළමු වැනිදායි. එය දිනෙන් දින ව්‍යාප්ත වෙමින් පවති. රජය,හමුදාව සහ පොලීසිය යොදවමින් උද්ඝෝෂකයින් මර්දනය කිරීමට පියවර ගෙන තිබේ. ඇතැම්, අවස්ථාවල දී කඳුලුගෑස් මෙන්ම ජීව උණ්ඩ ද භාවිත කෙරේ. ජීවිත හානි සිදුවුවද, හමුදා පාලනයට හිස නොනමන බව ජනතාව සදහන් කරයි.

උපුටා ගැනීම – දිනමිණ පුවත්පතින්

Related posts

Leave a Comment