ගිනි ගත් නැවේ තෙල් නෑ

සමුද්‍රිය පරිසර ආරක්ෂණ ආධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවේ ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ටැංකිවල තිබූ ඉන්ධන මේ වනවිට එම ටැංකිවල නොමැති බවට ලිඛිත වාර්තාවන්හි සඳහන් වන බවයි. නෞකාව ගලවා ගැනීමේ සමාගමේ කපිතාන්වරයා සහ මෙරටට පැමිණි අන්තර්ජාතික තෙල් විසිරීම් පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ ලිඛිත වාර්තාවේ නිරීක්ෂණවල එය සඳහන් කර ඇති බව ද ඒ මහත්මිය කීවාය.

ඇය මේ අදහස් පළ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු‍වේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි. කෙසේ වෙතත් මෙම නෞකාවේ ඉන්ධන මෙට්‍රික් ටොන් 300ක් තිබූ බවත් සඳහන් කළ ඇය ‍නෞකාව ආසන්නයේ ජල සාම්පල ගෙන ඉන්ධන මුසු වී ඇත්දැයි යන්න දිනපතාම පරීක්ෂා කරන බව ද පෙන්වා දුන්නාය.

Related posts

Leave a Comment