ලෝක බලවතුන් මෙහෙයවන රසායනික මාෆියාවට එරෙහි සටනට මම සුදානම් – ඇමති මහින්දානන්ද


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉංජීනේරු සංගමය ඊයේ දිනයේ දී කෘෂිකර්ම අමාත්‍යාංශයේදි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා හමුවුණා. රාජ්‍ය ආයතන රැසක ප්‍රධානීන්, ඉංජීනේරුවරුන්, වෘත්තිකයන් ඇතුලත්ව පුළුල් සංවිධානයක් ලෙස පොදුජන පෙරමුණ ඉංජිනේරු සංගමය දිවයිනපුරා ක්‍රියාත්මකය. කාබනික පොහොර භාවිතාකොට කෘෂිකර්මයේ ඉදිරි දිශානතිය සකස්වන ආකාරය මෙහිදි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැහැදිලි කළා. වාර්ෂිකව රුපියල් බිලියන 100 ක බහු ජාතික සමාගම් මෙහෙයවන වෙළදාමක් හෙවත් ලෝකයේ ක්‍රියාත්මක වන මාෆියාවට එරෙහිව කටයුතු කිරිමේ අභියෝගයද අමාත්‍යවරයා මෙහිදි පැහැදිලි කලා.
රජයේ ඉදිරි වැඩපිළිවෙල හා ඒ සඳහා වෘත්තිකයන් ලෙස , රාජ්‍ය ආයතන ප්‍රධානීන් ලෙස ඉංජීනේරුවන් ලෙස දිය යුතු සහයද කෘෂිකර්ම අමාත්‍යවරයා අදාල සංගමයට පැහැදිලි කලා.

1965 සිට වසර 57 ක් රසායනික කෘෂිකර්මයට හුරු වු සමාජය හා නිලධාරින් වෙනස් කිරිම ලෙහෙසි පහසු නොවන බවද පැහැදිලි කළ අමාත්‍යවරයා ඒ සඳහා සමාජය දැනුවත් කිරිමේ සටනට පෙරට එන ලෙස මෙම වෘත්තිකයන්ගෙන් ඉල්ලා සිටියා සිඩර්, විඩර් වැනි යන්ත්‍ර සූත්‍ර ඇතුළු කාබනික කෘෂිකර්මයට අවශ්‍ය සියලු යන්ත්‍ර සූත්‍ර නිපදවීමට ඉංජිනේරුවන් ලෙස අවශ්‍ය සියලු සහය හා මැදිහත්වීම සිදු කරන බව මෙහිදි විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා පෙන්වා දුන්නා. ලංකා පොස්පේට් සමාගමේ සභාපතිවරයා ප්‍රකාශකලේ කෘෂි පොහොර සකස් කිරිමට අවශ්‍ය සියලු සහය ලබාදෙන බවයි. එසේම වස විස නැති රටක් ,ජාතියක් නිර්මාණයට අවශ්‍ය සමාජ දැනුවත් කිරිම වෙනුවෙන් අවශ්‍ය සියලු මැදිහත්වීම සිදුකරන බව මෙම සාකච්ඡාවට එක්වු විද්වතුන් ප්‍රකාශ කළා. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හරහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර නිපදවීමට ද මෙහිදි එකඟතාවය පළවුනා.


ශ්‍රී ලංකාව ලෝකයේ කාබනික ගෙවත්ත කිරිමේ ජාතික සටනට සියලු සහය ලබාදෙන බව මෙම සාකච්ඡාවට එක්වු විද්වතුන් අවධාරණය කළා. ශ්‍රි ලංකා රජය රසායනික භාවිතය තහනම්කොට පාරිසරික කාබනික කෘෂිකර්මයට යොමුවීමට ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයට සහය දීමට රටවල් දහයක් සිය තානාපති කාර්යාල හරහා ලිඛිතව දැනුම් දී ඇති බවද මෙහිදි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා. අවි ආයුධ හා මත්ද්‍රව්‍ය, ඖෂධ, රසායනික පොහොර හා රසායනික දියර ලෝකයේ ප්‍රධාන මාෆියාවන් 3ක් ලෙස මිහිතලය විනාශ කරමින් සිටිනවා. එකිනෙක මත යැපෙමින් ක්‍රියාත්මක මෙම මාෆියාවන් පරාජයට රජය ගත් එඩිතර තීන්දුවට කොන්දේසි විරහිතව සහය පලකරණ බව සාකච්ඡාවට එක්වු විද්වතුන්, වෘත්තිකයන් අවධාරණය කළා.

මෙම රැස්වීමේදී ලබාගත් ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ,

Related posts

Leave a Comment