ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය හිමිවිය යුත්තේ රනිල් වික්‍රමසිංහටයි – වජිර කියයි

එක්සත් ජාතික පක්ෂයට හිමිවූ පාර්ලිමේන්තු ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරයට පත් කළ යුත්තේ පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා බවට විවාදයක් නොමැති බව පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසනවා.

ඒ, අද (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

‍රටේ වර්තමාන තත්වයත් අනාගතයත් සලකා බලා ඊට වඩාත් සුදුසුම පුද්ගලයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා තෝරා ගත යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ ගමන් මගේ පණිවිඩය ගෙන යා යුත්තේ රනිල් වික‍්‍රමසිංහ මහතා බවයි වැඩිදුරටත් ඔහු පවසා සිටින්නේ

ඉකුත් දා පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමිවූයේ එක් ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධූරයක් පමණයි. එහෙත්, එම මන්තී‍්‍ර ධූරයට මේවනතෙක් සුදුස්සෙකු පත් කර නැහැ.

Related posts

Leave a Comment