අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන්ට ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන!

අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන් සදහා ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියාසිටියේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වනවිට පාසල් අධ්‍යාපන කටයුතු සිදුවන්නේ මාර්ගගත දුරස්ථ ක්‍රම මගින් වුවද විවිධ හේතු සාධක මත එම පහසුකම් ලබාගැනීමට නොහැකි සිසුන් වෙනුවෙන් මෙම පහසුකම ලබාදීමට පියවර ගන්නා බවයි.

මෙම මාධ්‍ය හමුවට ඩිජිටල් තාක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ ද එක් වුණා. එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ ඔන්ලයින් හරහා සිදු කෙරෙන අධ්‍යාපන කටයුතුවලදී සිසුන්ට ඩේටා ගාස්තු අඩුවෙන් සහ අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදිය නොහැකි ද යන්නයි. එහිදී නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී සමාගම් සමඟ සාකච්චාකොට අධිවේගී අන්තර්ජාල සම්බදතා සාධාරණ මිලකට ලබාදීමට කටයුතු කරන බවයි.

Related posts

Leave a Comment