ශ්‍රී ලංකාව සහ චීනය අතර ගණුදෙනු ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධානයෙන්

විනිමය හුවමාරු පහසුකම යටතේ චීනයෙන් යුවාන් බිලියන 10 නැතහොත් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් අනුමත කිරීම ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෙස අවධානයෙන් පසුවන බව එහි සන්නිවේදන අධ්‍යක්ෂ ගෙරී රයිස් මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ මුල්‍ය ක්ෂත්‍රයේ සිදුවන වෙනස්කම් ගැන අවධානයෙන් පසුවන බවයි ඒ මහතා පවසන්නේ.

දැනට පවතින උග්‍ර ආර්ථික අභියෝග සහ අධික රාජ්‍ය ණය හේතුවෙන් කොවිඩ් පාලනය සඳහා ඉල්ලා තිබුණු මූල්‍ය සහය ලබා දීම ගැන එකඟතාවකට නොපැමිණි බවයි රයිස් මහතා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් චීනය මෙරටට සහය පළකිරීමට එකඟවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෙස අවධානයෙන් පසුවන බව හෙතෙම අවධාරණය කරනවා.

Related posts

Leave a Comment