කාබනික පොහොර නිපදවන අළුත් වැඩපිළිවෙළක්!

ඉදිරියේදී සමස්ත රටටම කාබනික පොහොර සම්පාදනය කිරීමට ගිනිසීරියා සහ දහයියා අඟුරු ඇතුළු අමුද්‍රව්‍ය භාවිත කරමින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩසටහනක් මහවැලි කලාප තුළ ආරම්භ කර ඇතැයි මහවැලි රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් පැවැසීය.

එසේම කාබනික පොහොර සඳහා අවශ්‍ය ගිනිසීරියා ශාක වැවීමේ විශේෂ වැඩසටහනක් මහවැලි කලාප තුළ ආරම්භ කරන බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

මහවැලි අධිකාරිය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසීය.

විශේෂයෙන්ම කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය වෙන ගිනිසීරියා ශාකය වගා කිරීම සඳහා අපි විශේෂ වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව මහවැලි කලාපයේ සෑම නිවසකම වැටකට ගිනිසීරියා ශාක එක්කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ එස්සේ නිෂ්පාදනය කෙරෙන කාබනික පොහොර මහවැලි කලාපයට පමණක් නෙමෙයි මුළු රටටම බෙදාහරින්න අපිට පුළුවන්’’ යැයිද ඇමැතිවරයා කීය.

Related posts

Leave a Comment