ගංවතුරින් පීඩාවට පත් අපේම ජනතාවට සහන සැලසූ මනුස්සකමේ මෙහෙයුම!

රට අභියෝගාත්මක තත්වයකට මුහුණ දීලා තියෙන මේ වෙලාවෙදි ජනතාව වෙනුවෙන් පෙරට එමින් ගංවතුර තත්වයෙන් විපතට පත් පවුල්වලට සහ පුද්ගලයන්ට සහන සැලසීමට ඩයලොග් සමාගම ‘‘ඩයලොග් සමඟ මනුසත් දෙරණ ක‍්‍රියාන්විතය‘‘ ඔස්සේ පසුගියදා ක්‍රියාත්මක වුණා.

ජූනි මස 8 වෙනිදා සිට ක්‍රියාත්මකවීම ආරම්භ වූ මෙම සහන සේවාව තුලින් අයහපත් කාලගුණය නිසා මතුවූ ගංවතුර තත්වයෙන් දැඩි ලෙස විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින් දින 3 ක් පුරාවට ගම්පහ,වත්තල, කොළඹ, කඩුවෙල, කොලොන්නාව සහ ගාල්ල යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පිරිසිදු පානීය ජලය, වියළි ආහාර, ඖෂධ ලබාදෙන්න කටයුතු කෙරුණා. ඒ වගේම මේ වෙද්දි විශාල පිරිසක් මේ මනුස්සකමේ මෙහෙයුමෙන් සහන සලසාගෙන තියෙනවා.

රටට අවැසිම මොහොතක මේ විදියට ජනතාව වෙනුවෙන් කැපවෙන හැමෝටම අපි හදවතින්ම ස්තූතිවන්ත විය යුතු අතරම රටේ ජනතාව පීඩාවට පත්ව ඇති මෙවන් අවස්තාවක රටේ අනෙකුත් සමාගම් මෙන්ම ආයතනවලටත් ඩයලොග් ආයතනය සහ මේ සත් ක්‍රියාවට සම්බන්ධ සියලුදෙනා ලබා දෙන්නේ මහඟු ආදර්ශයක්.

Related posts

Leave a Comment