“හිරුනිකාගේ මනස අවුල් වෙලා” – සටහනක් තබා ‘Social Media’ හැර යයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සියලු සමාජ මාධ්‍ය ජලාවන්ගෙන් ඉවත් වීමට තීරණය කොට ඇත.

මානසික සෞඛ්‍යය මුල් කරගෙන එසේ කරන බව ඇය සදහන් කොට ඇත.

ඒ සම්බන්ධයෙන් හිරුණිකා තැබූ ෆේස්බුක් සටහන මෙසේය.

ආදරනීය මිතුරු මිතුරියනි,

පලමුව ඔබ සියලු දෙනාටම බොහොම ස්තූති මා සමඟ වසර ගනනාවක් මාගේ දූකේදී, සැපේදී රැදී සිටියාට. ඔබ සැමගේ ආදරය, ගෞරවය සහ සහයෝගය මාගේ දේශපාලන ජීවිතයටද, පෞද්ගලික ජීවිතයට ඉතා විශාල ලෙස ධනාත්මකව බලපෑවා.

මා සමාජ මාධ්‍ය තුල අවුරුදු ගනනාවක් රැදී සිටියා. එහෙත් සමාජ මාධ්‍ය තුලින් ඉවත්වීමට දැන් කාලය පැමින ඇති බව මා විශ්වාස කරනවා. පසුගිය අවුරුද්දකට වැඩි කාලයක් තුල කොවිඩ් වසංගතයත් සමඟ අප සියලු දෙනාටම බොහෝ කාලයක් නිවසට වී සිටින්නට සිදු වුනා. ජීවන තරඟය මොහොතකට නැවැත්වීමට සිදුවුනා. මෙම කාලය තුල මම මා පිලිබඳව ස්වයං අධ්‍යනයක නිරත වුනා.

එහිදී මා හට වැටහී ගියේ ජීවිතය කියන ‘රේස්’ එක තුල මා කෙතරම් හති වැටී ඇත්ද යන්නයි. එම නිසා මා මේ කාලය අවස්ථාවක් කර ගන්නවා විශේෂයෙන්ම මාගේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් කාලය යෙදවීමට.

මෙසේ මා සෑම සමාජ මාධ්‍යකින්ම ඉවත්වන්නේ කෙතරම් කාලයකටද මා දන්නේ නෑ. එහෙත් මේ අවස්ථාවේදී මා ගතයුතු නිවැරදිම තිරණය මෙය බව මා විස්වාස කරනවා.

නැවත හමුවීමට සුදුසු කාලයක ඔබ හමුවට මා එන්නම්….

ජීවිතය විඳවන්නේ නැතුව විඳින්න නම් මානසික සෞඛ්‍යය ඉතාම වැදගත්…

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

Related posts

Leave a Comment