ඇමති නාමල් අම්පාරේ ක්‍රීඩා පිටි රැසකට මුල්ගල තබයි!

අම්පාර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ ක්‍රීඩාංගණ රැසකට මුල්ගල තැබීම, ප්‍රතිසංස්කරණ හා නවීකරණ කටයුතු ආරම්භ කිරීම තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (26) සිදුවිය.

ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව අග්‍රාමාත්‍යතුමාගේ ආශිර්වාදය ඇතිව ජව සම්පන්න නිරෝගිමත් හා විනයගරුක පරපුරක් ජාතියට බිහි කිරීමේ අරමුණ ඇතිව මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.

අම්පාර ශ්‍රී විද්‍යානන්ද පරිවේනාධිපති උතුරු නැගෙනහිර පිරිවෙන් අධ්‍යක්ෂ පූජ්‍ය කිරිදිවැල සෝමරතන නාහිමියන් බැහැ දුටු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා උන්වහන්සේගෙන් ආශීර්වාදය ලබාගත්තේය.

ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යංශය මගින් නුදුරේදීම සංවර්ධනය කිරීමට යෝජිත ක්‍රීඩා පාසල වන අම්පාර ඩී.එස්.සේනානායක විදුහලේ ක්‍රීඩා පිටිය සහ නේවාසිකාගාරය ද මෙහි දී අමාත්‍යතුමාගේ නිරීක්ෂණයට ලක්විය.

ඒ අනුව

• පොතුවිල් ජලාල්දීන් චතුරශ්‍ර පොදු ක්‍රීඩාංණයේ අත්පන්දු ක්‍රීඩාංගණය සදහා මුල්ගල් තැබීම සිදුවිය. මෙම ක්‍රීඩාංගණය රුපියල් මිලියන 1.5ක් වැයකරමින් සංවර්ධනය කිරීමට නියමිතය.

• ලාහුගල පොදු ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ විය. මෙම ක්‍රීඩාංගණය මිලියන 05ක් වැය කොට ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.

• හුලංනුගේ අත්පන්දු ක්‍රීඩාංගණය සදහා මුල්ගල් තැබීම.

• දමන පොදු ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම.

• නවගම්පුර අත්පන්දු ක්‍රීඩාංගණයට මුල්ගල් තැබීම.

• අම්පාර වැව රවුම ඇවිදින මංතීරුව සදහා මුල්ගල් තැබීම සහ

• උහන මහා විද්‍යාලීය ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම. මෙම ක්‍රීඩාංගණය රුපියල් මිලියන 3.2ක් වැය කොට සංවර්ධනය කිරීමට නියමිතය.

මෙම ක්‍රීඩා පිටි සංවර්ධනය හා ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘති ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වේ.

මෙහි දී අම්පාර දයා ඇපරල් ඇගලුම් කම්හලේ කොවිඩ් – 19 එන්නත්කරණ කටයුතු නිරීක්ෂණය සඳහා ද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එක්වූයේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. වීරසිංහ, අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Related posts

Leave a Comment