අධි බලැති ඛාණ්ඩයේ යතුරුපැදියක් ධාවනය කළ ප්‍රභල ව්‍යාපාරිකයෙකුගේ පුතෙක් අත්අඩංගුවට ගැනේ

රුපියල් ලක්ෂ 25 කට ආසන්න වටිනාකමකින් යුත් මෙරට මාර්ගවල ධාවනය කිරීමට තහනම් අධි බලැති යතුරු පැදියක් මාර්ගයේ ධාවනය කරමින් සිටි ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයකු අද (15) අලුයම අත්අඩංගුවට ගත් බව අලූත්ගම පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අලුත්ගම, දර්ගා නගරය, පල්ලිය පාරේ පදිංචිව සිටින 26 හැවිරිදි තරුණයෙක් බව පැවසේ.

ඉහළ පෙළේ පුද්ගලයින් කිහිපදෙනෙක් යතුරුපැදිය සමඟ තරුණයා මුදවා ගැනීමට අද පස්වරුව වන විටත් මහත් වෙහෙසක් ගනිමින් සිටින බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

අලුත්ගම ප්‍රදේශයේ මාර්ග කිහිපයක අනතුරුදායක අන්දමින් අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කරන බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත යතුරු පැදිය පොලිස් භාරයට ගෙන තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ. අලූත්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

Related posts

Leave a Comment