කාබනික පොහොර අපේ රටේ හදන්න සැලසුම් සකසා අවසන්!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපේ රටේ කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය සැලසුම් සකස් කර අවසන් බවත් ඒ සඳහා ජර්මනිය, ස්විස්ර්ලන්තය ඇතුළු යුරෝපයේ ප්‍රධාන රටවල් අටක් සහාය දැක්වීමට ඉදිරිපත් වී ඇති බවත් මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේද කීය.

“පසුගිය කැබිනට් හමුවේදී ජනාධිපතිතුමාත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ඇමැතිතුමාත් අපිව දැනුවත් කළා ජර්මනිය, ස්විට්ස්ර්ලන්තය ඇතුළු යුරෝපයේ ප්‍රධාන රටවල් අටක් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අපට සහයෝගය දෙන්න ඉදිරිපත් වෙලා තිබෙන බව.

එම රටවල් හැකි උපරිම සහයෝගය ලබා දීමට සූදානම් බව ජනාධිපතිතුමා එහිදී දැනුවත් කළා. මේක අපේ රටට ඉතාමත්ම හොඳ පණිවිඩයක්. ඔවුන් කියන්නේ අපේ රටේ කාබනික පොහොර නිෂ්පාදනය අසාර්ථක වුවහොත් මේක මුළු ලෝකෙටම බලපාන බවත් අනිත් රටවල්වලටත් මෙය ඉදිරියට ගෙන යාමට නොහැකි වනු ඇති බවත්. එ් නිසා ජනාධිපතිතුමා, ප්‍රබල නායකයෙක් හැටියට කාබනික පොහොර සම්බන්ධයෙන් තීරණයක් ගත්තා. සාමාන්‍ය නායකයකුට මේ වගේ දැඩි තීන්දුවක් ගන්න බැහැ.

Related posts

Leave a Comment