60ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත් දෙන්න ත්‍රිවිද හමුදාව පෙරට එයි!

එන්නත්කරණ වැඩසටහන අද දිනයේද ප්‍රදේශ රැසක ක්‍රියාත්මකයි. බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් සහ ඉන් පිට පළාත්වල සිටින වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත් ලබා දීමේ වැඩසටහනක් ත්‍රිවිධ හමුදා කඳුවුරු ආශ්‍රිතව අද සිට ආරම්භ කෙරුණා.

මේ අතර ඊයේ දිනයේදී මෙරට පුද්ගලයින් 20,506 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව සහ පුද්ගලයින් 15,155 දෙනෙකුට එහි දෙවන මාත්‍රාව ලබාදී තිබෙනවා. ඒ අනුව මේ වනවිට සයිනොෆාම් එන්නත් පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් 19 ලක්‍ෂ 31,714 දෙනෙකු සදහා ලබාදී තිබෙනවා. ඉන් පුද්ගලයින් අට ලක්‍ෂ 51,969 දෙනෙකු සදහා එහි දෙවන මාත්‍රාව ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

ඒ අනුව මෙරට පුද්ගලයින් විසි නව ලක්‍ෂ 71,751 දෙනෙකු සදහා කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා. ඉන් දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව දොළොස් ලක්‍ෂ 50,443 ක්.

Related posts

Leave a Comment