අන්තවාදී සංවිධානයකට රුපියල් කෝටි 98ක් එයි – සීඅයිඩීය විමර්ශන අරඹයි

ති‍්‍රකුණාමලය නගරයේ පිහිටි මුස්ලිම් බැංකුවක අන්තවාදී සංවිධානයක් විසින් පවත්වාගෙන යන බැංකු ගිණුමකට රුපියල් ලක්‍ෂ 9800 ක (කෝටි 98ක්) මුදලක් බැරවීම සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

මෙම මුස්ලිම් බැංකුවේ ඇති අන්තවාදී සංවිධානය විසින් පවත්වාගෙන යන බැංකු ගිණුමට මෙරට මහා පරිමාණ මුස්ලිම් ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ද රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් බැරකර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

පානදුර කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ මුස්ලිම් ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු පෑලියගොඩ කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන සිටි අතර එම සැකකරු ප‍්‍රකාශ කර ඇත්තේ තමන් උපයන මුදල් වලින් කොටසක් මෙම බැංකුවේ ඇති අන්තවාදී සංවිධානයේ ගිණුම වෙත බැර කරන බවයි.

මෙම අන්තවාදී සංවිධානයට අයත් ගිණුම 2013 වර්ෂයේ සිට පවත්වාගෙන යන අතර ඊට මුදල් බැරවූ ආකාරය සොයා පොලිසිය විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

පෑලියගොඩ කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන සිටි මෙම ගිණුමට මුදල් බැරකළ මුස්ලිම් ජාතිකයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය වෙත ඊයේ (15 දා) භාරදී ඇත.
උපුටා ගැනීම – දිවයින පුවත්ප

Related posts

Leave a Comment