දයාසිරි ඇමැතිකමෙන් ඉල්ලා අස්වෙන බව පක්ෂයට දැනුම් දෙයි!

බතික් කර්මාන්ත අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමට සූදානම් බව පක්ෂයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඊයේ (06) පැවැති ශ්‍රී ලනිපයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව දැනුම් දී ඇති බව පැවසේ.

එහිදී චාමර සම්පත් දසනායක මහතා අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතාට චෝදනා කර ඇත්තේ අමාත්‍යවරයා සිදු කරන ප්‍රකාශ හේතුකොටගෙන ආණ්ඩුව අපහසුතාවයට පත්වන බවත්, මෙවැනි ප්‍රකාශ සිදුකිරීමෙන් වැළකී සිටිය යුතු බවත්ය.

ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක යන මහත්වරුන්ද මෙහිදී එම ස්ථාවරයේම සිට ඇති බවත් දැනගන්නට තිබේ.

කෙසේවෙතත් එහිදී ජයසේකර මහතා පෙන්වා දී ඇත්තේ තමන් කියා සිටියේ ගම්මට්ටමේ පාක්ෂිකයන්ගේ මතය බවත්, අවශ්‍ය නම් තමන් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවත්ය.

එවිට තමන්ට පක්ෂයේ වැඩකටයුතු ඉදිරියට කරගෙන යාමට හැකි බවත් ජයසේකර මහතා එහිදී සදහන් කොට ඇති බව පැවසේ.

Related posts

Leave a Comment