අවුරුද්දට සංචරණ සීමා දැමීම ගැන රජයේ මතය

එළඹෙන අවුරුදු සමයේදී රට හුදෙකලා කිරීමක් සිදු කරනු ඇති බවට විවිධ මතවාද මේ වනවිට පැතිර යනවා.

මේ පිළිබඳව අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අප විමසීමක් කළා.

ඊට පිළිතුරු දෙමින් කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කලේ තමන් විසින් ස්වයං සංචරණ සීමාවන් පනවා ගන්නා ලෙස රජයක් ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවයි.

මන්දයත් රට තුල තවමත් කොරෝනා තත්වය පහවගොස් නැති නිසාවෙන් ජනතාව තමන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව සැලකිලිමත් වියයුතු බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

Leave a Comment