එන්නත් අනුමැතිය පමා කරන සුවපතිගේ ගෝලයාට WHO නියෝජිතයාගෙන් පිළිතුරු! [VIDEO]

ඕනෑම ඖෂධයක් මෙරට භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය හෙවත් NMRA ආයතනයේ අනුමැතිය අත්‍යවශ්‍ය බව සැවොම දන්නා කරුණක්, මේ වනවිට කොවිඩ් වසංගතය පාලනය සඳහා මෙරට තුල භාවිත වන එන්නත් සඳහාද එම අනුමැතිය අනිවාර්ය වනවා.

කෙසේ වෙතත් අපට වාර්තා වන අන්දමට NMRA ආයතනයේ එන්නත් අනුමත කරන කමිටුවක් එන්නත් අනුමතකොට කඩිනමින් මෙරට කොවිඩ් එන්නත්කරණය සිදුකිරීම සඳහා පහසුකම් සලසනවා වෙනුවට එන්නත්කරන ක්‍රියාවලිය කඩාකප්පල් කර යම් පාර්ශවයකට දේශපාලන වාසි ලබාගැනීම සඳහා සහාය වන බවට හෙළිව තිබෙනවා.

ඒ අනුව  NMRA එන්නත් කමිටුවේ මහාචාර්ය වෛද්‍ය රජීවද සිල්වා මහතා විසින් Sinovac එන්නත මෙරට භාවිතයට ගැනීම සම්බන්ධයෙන් වැරදි මත පළකරමින් හා අනවශ්‍ය ප්‍රශ්න නගමින් අනුමැතිය පමා කොට ඇති අතර අදාළ එන්නත මෙරට භාවිතයට ගැනීම මගින් කොරෝනා පාලනය කිරීමට දායකත්වයක් නොලැබෙන බවත් ඔහු පවසා ඇත.

නමුත් ඔහුගේ තර්කය බිඳ හෙලමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සහිත Sinovac එන්නත දැනට පවතින ඕනෑම කොවිඩ් ප්‍රභේධයකට එරෙහිව ක්‍රියාකරන්නට හැකියාව පවතින බවත් රෝගීන් අසාධ්‍ය බවට පත්වීම වැලැක්වීම මගින් පුද්ගල මරණ සංඛ්‍යාව අවම කල හැකි බවත්ය.

එම සංවාදයට අදාලව සමාජ ජාල ඔස්සේ ප්‍රචාරයවන වීඩියෝවක් පහතින්…

Related posts

Leave a Comment