දිවයිනේ සියලුම පාසල් අප්‍රේල් 19 දා සිට

දිවයිනේ සියලුම පාසල් අප්‍රේල් 19 දා ආරම්භ කරන බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.

බස්නාහිර පළාතේ සියලු පාසල් ඊයේ(15) විවෘත කිරීමට නොහැකිවූයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ අනුව බව පැවසූ ඇමැතිවරයා බස්නාහිර පළාතේ 05, 11 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සහ දිවයිනේ අනෙකුත් පළාත්වල සියලු ශ්‍රේණි සඳහා ද ඊයේ (15) පාසල් යළි විවෘත කළ බව කියා සිටියේය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදීය.

කෙසේ වෙතත් බස්නාහිර පළාතේ අනෙකුත් ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ වන්නේ අප්‍රේල් මස 19 වනදායි.

ඒ අනුව අවුරුදු නිවාඩුවෙන් පසු දිවයිනේ සියලුම පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව අප්‍රේල් මස 19 වෙනි දින විවෘත කිරීමට තීරණය කර ඇති බව ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය

Related posts

Leave a Comment