රට තුළ තවමත් අන්තවාදීන් ඉන්නවා – ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා

අන්තවාදී ක්‍රියා කරන පුද්ගලයින් රට තුළ තවදුරටත් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඊයේ (15) රාත්‍රීයේ විකාශය වූ සජීවි වැඩසටහන සමග එක්වෙමින් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

“තව ඉන්නවා පුහුණුවීම් ලබපු අය. මරාගෙන මැරෙන්න. ඒ අය මොනා කරනවාද කියලා අපි දන්නේ නෑ. ඒ අයත් අත්හදා බැලීම් කරනවා ඇති. ඊළඟ පියවර මොකක්ද කියලා ලෑස්ති වෙනවා ඇති. දැන් අපි ඉන්නවා රටේ ආරක්ෂාව තහවුරුයි කියලා. රටේ ආරක්ෂාව ශක්තිමත් කරන්න ආණ්ඩුව මාරු වුණා කියලා අලුතෙන් දෙයක් කළා කියලා මගේ තියෙන දැනුම අනුව මම දකින්නේ නෑ. අපරාධ විමර්ශනයෙන් කියලා තියෙනවා කඳවුරු 17ක් තුළ 1000ක් පුහුණු වෙලා තියෙනවා කියලා.”

Related posts

Leave a Comment