ඉන්දීය නාවික හමුදාවෙන් ඉගෙනුම් ආධාරක ලබා දෙයි

ඉන්දියානු නාවික හමුදාව විසින්  ටොපිඩෝ සහ ගෑස් ටර්බයිනයක කැපුම් ආකෘති ඇතුළු ඉගෙනුම් ආධාරක‍ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය වෙත ලබා දීම පසුගියදා සිදුවිය.  ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස ගෝපාල් බග්ලේ මහතා විසින් එම ඉගෙනුම් ආධාරක භාර දෙන ලදි.  ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දියානු නාවික හමුදාව අතර සුහදත්වය වර්ධනය කිරීමක් වශයෙන් ඉන්දීය නාවික හමුදාධිපති අද්මිරාල් කරන්බීර් සිං මහතා 2019 වර්ෂයේ නාවික හා සාගරික විද්‍යාපීඨයට පැමිණි අවස්ථාවකදී ලබා දුන් පොරොන්දුවක් මත මෙම ඉගෙනුම් ආධාරක ශ්‍රී ලංකාවට ලබා දීමට පියවර ගැණුනි. 

මෙම අවස්ථාව සඳහා නාවික හා සාගරික විද්‍යාපීඨයේ අඥාපති කොමදෝරු ධම්මික කුමාර, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් (Captain Vikas Sood) ඇතුලු නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ. නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වයි එන් ජයරත්න මහතා වෙත ඒව නිල වශයෙන් භාරදීම සිදු කෙරුණු අතර, මෙම ඉගෙනුම් ආධාරක නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රති සබ්මැරීණ යුධ උපක්‍රම, නාවික දැනුම, ජලතරණය,  සහ ඉංජිනේරු යන පාසල් තුල පුහුණුවන නිලධාරීන් සහ නාවිකයින්ගේ ඉදිරි පුහුණු කටයුතු සඳහා මනා පිටිවහලක් වනු ඇත.

උපුටා ගැනීම – දිනමිණ පුවත්පතිනි

Related posts

Leave a Comment