පොහොර මාෆියාවේ සුලමුල සති 2කදී හෙළිකරනවා!

රසායනික පොහොර මාෆියාව විසින් ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණයක්ද නොඑසේනම් වෙනත් වැඩ කටයුත්තක්ද යන්න පිළිබඳව කරුණු සහිතව සති 2ක් තුළදී රටට හෙළි කරන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

රසායනික පොහොර මෙරටට ආනයනය කිරීම තහනම් කර තිබියදී පොහොර රැගත් නෞකාවක් පැමිණීම බරපතළ සැකයක් බවත් පසුගිය මැයි මස 06 වැනිදා රසායනික පොහොර මෙරටට ගෙන ඒම තහනම් කළ පසුව රසායනික පොහොර මෙරටට ගෙන්වීම සඳහා නැව්ගත කළ නොහැකි බවත් එවැනි තත්ත්වයක් තිබියදී පසුගිය මාස 1 1/2 තුළ රසායනික පොහොර රැගත් නෞකාවක් එක්වරම කොළඹ වරායට සේන්දු වූයේ කෙසේද කියා බරපතළ සැකයක් මතුවන බවත් මෙම අබිරහස් රසායනික පොහොර නෞකාව සම්බන්ධයෙන් පරීක්‍ෂණ දිගටම සිදු කරගෙන යන බවත් ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා පැවැසීය.

Related posts

Leave a Comment